About

නැණසල ව්‍යාපෘතිය ඉලක්කය
ගම් මට්ටමින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ ප්‍රතිලාභ ලබාදෙන මධ්‍යස්ථාන දිවයින පුරා ඇතිකර ඒ තුළින් ඈත දුෂ්කර ගම්වල වෙසෙන ග්‍රාමීය ජනතාව ඇතුළු ශ්‍රී ලංකාවාසී සියලුම දෙනාට තොරතුරු තාක්ෂණයට ඇති ඉඩ ප්‍රස්ථා සමානව ලබාදීම සඳහා නැණසල දහසක් බිහි කිරීමයි.

නැණසල ව්‍යාපෘතියේ අරමුණු මොනවාද ?
ග්‍රාමීය ප්‍රදේශ වල ජනතාවට අන්තර්ජාලයට පිවිසීමට අවස්ථාව ලබාදීමත් ඔවූන්ට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවාන් භාව්ත කිරීමට දිරි දීමත් , සන්නිවේදන සබඳතා වලට අවස්ථා සලසමින් ග්‍රාමීය ජන කණ්ඞායම් වලට බලපෑමි කරන රාජ්‍ය සැලසුමි කරුවන්ට ,සංවර්ධන ආයතනවලට , ශිල්පීය විශේෂඥයින්ට ,අධ්‍යාපන වේදීන්ට  සහ වෙනත් අයට ගැමි ජනයා හා සංවාදය වැඞ් දියුණු කිරීමට අවශ්‍ය පහසු කම් සැලසීමත් නැණසල ව්‍යාපෘතියේ අරමුණු
අතර වේ.

නැණසල ක්‍රියාවට නගන්නේ කවුද ?
අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ දර්ශනයක් වන "නැණසල දහස" ව්‍යාපෘතිය ක්‍රියාවට නගන්නේ ශ්‍රී ලංකා තොතුරු හා සන්නිවේදන නියෝජිතායතනයි. මෙම ආයතනය ඉ-ශ්‍රි ලංකා සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ බලය හිමි එකම රාජ්‍ය ආයතනයයි.

නැණසල මධ්‍යස්ථානය මගින් ඔබට ලැබෙන සේවාවන් මොනවාද?
දේශීය සහ ජාත්‍යන්තර දුරකථන සබඳතා.
චන්ද්‍රිකා තාක්ෂණයෙන් අන්තර්ජාල සබඳතා.
ඊ -මේල්.
ඡායා පිටපත්
මුද්‍රණ යන්ත්‍ර.
ෆැක්ස් සේවා.
පරිගණක සේවා.
තොරතුරු තාක්ෂණ සේවා.
ස්කෑනර් සේවා.
අධ්‍යාපන ,කෘෂිකර්ම, වෛද්‍ය සේවා පිළිබඳ තොරතුරු.


අධ්‍යාපන
පාසල් වලට ළමුන් ඇතුළත් කිරීමේ තොරතුරු විභාග ප්‍රතිඵල විෂය පාඨමාලා පිළිබඳ තොරතුරු.

කෘෂිකර්ම 
භෝග වගාවන් පිළිබඳ තොරතුරු ඵලදාව විකුණා ගැනීම පිළිබඳ තොරතුරු.

වෛද්‍ය
ප්‍රධාන රෝහල් වලට සේවය  කරන විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවාව (චැනල් )මුදල් ගෙවා වෙලාව  වෙන්කර ගැනීම රෝහල් වලින් ලබාගත හැකි සේවාවන් පිළිබඳ විස්තර වෛද්‍ය උපදෙස් ලබාගැනීම.(Telemedicine)

අනාගතයට යන පාර සොයන සොයන ඔබ, ඔබේ ගමේ තිබෙන නැණසල ගෑන දන්නවාද?
ගමේ නැණසලට ඔබට අන්තර් ජාලයේ රිසිලෙස සැරිසරන්නන්,විද්‍යාව ,තාක්ෂණය පමණක් නොව විවිධ කලා ශිල්පපිළිබද විශ්ව දැනුම ගමේ සිටම ලබා ගන්නත් පුලුවන්. විවිධ  විෂය ධාරාවන් යටතේ ඇති සංයුක්ත තැටි මඟින් ඔබට අවශ්‍ය කරුණු  දැනගන්නත් පුලුවන්. ඔබේ ගමේ නැණසලට අදම ගොඩ වෙන්න.ඉන්ටනෙට්, ඉ-මේල් පමණක් නොව ගමේ ගොවියන්ට, ධීවර කාර්මිකයන්ට, වෙළඳ පොලේ පවතින මිළ ගනන් දැන ගැනීමේ සිට ආයුර්වේද,  හෝමියෝපති වැනි ක්ෂේත්‍රයන්හි තොරතුරු පවා ගමේඉදන්ම ඔබට  දැන ගන්න පුලුවන්.රටේ ලෝකේ තොරතුරු  දැන් ඔබේ ගමේ නැණසලින්. තාක්ෂණයේ විපුල ඵල දැන්ඔබේ දෝතටම ලබාදීමට ඔබේ ගමටම නැණසල ඇවිත්.එහි ප්‍රයෝජන ලබා ගැනීමට ළඟම  ඇති නැණසල වෙත යන්න.


No comments:

Post a Comment